Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 18:17:36 Hours

59 වන සේනාංකයේ භටපිරිස් මුඛ ආවරණ බෙදාදෙති

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය වෙත දකුණු පළාතේ දානපතියෙකු විසින් මුඛ ආවරණ 5000 ක් පරිත්‍යාග කරනු ලැබූ අතර එම මුඛ ආවරණ තොගය 59 වන සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (03) දින එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් අතර බෙදාහරින ලදී.

නුගේගොඩ ප්‍රදේශයේ වෙසෙන සුමනසිරි මහතා විසින් මෙම මුඛ ආවරණ 5000 නන්දිකඩාල් ප්‍රදේශයේ වෙසෙන පොදු ජනතාව අතර බෙදා හැරීම සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී. ඩී. සූරියබණ්ඩාර වෙත පරිත්‍යාග කළේය. මෙම වැඩසටහන 59 වන සේනාංකයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ද සොයිසා විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මීට අමතරව, එම සේනාංකයේ භටපිරිස් එදිනම කොවිඩ් - 19 වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එහිදී, මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම, සමාජ දුරස්ථභාවය, සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් සහ අනෙකුත් සියලුම වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කළහ.