Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 18:02:32 Hours

තවත් ආසාදිතයින් 1896 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1896 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 06 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1890 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 411 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 774 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (09) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,637 ක් වේ. අනෙකුත් පොකුරු සහ අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් ගේ සම්පූර්ණ සංඛ්‍යාව 32,621 ක් වේ.

අද (09) දින උදෑසන වනවිට, අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 26,571 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 123,233 ක් වේ. ඉන් පුද්ගලයින් 103,097 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (09) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 19,350 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (09) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 1335 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (09) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් හුන්නස්ගිරිය, රාගම, කඩවත, මුල්ලේරියාව උතුර, ලුනුකැටිය - මඩිත්ත, පදියපැලැල්ල, කටුගස්තොට, තලවතුගොඩ, මොරටුව, බිබිල, හල්ගන්ඔය, ගලගෙදර, ගන්නෝරුව, කොළඹ 08, බුලත්කොහුපිටිය, හොරම්පැල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, අගලවත්ත, වලහන්දූව සහ පෝද්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (09) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 6,860 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (08) දින හුදකලා තත්වයෙන් ඉවත් කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලුම ප්‍රදේශ මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට තවදුරටත් එම හුදකලා තත්වයේම පවතී.