Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 10:07:28 Hours

වල්ගම ප්‍රදේශයේ ඇති වූ හදිසි කුණාටු තත්වයෙන් පීඩාවට පත් වූවන්ට යුද්ධ හමුදාවේ සහය

වල්ගම ප්‍රදේශයේ පසුගිය අඟහරුවාදා (04) දින පැවති අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස රැසක් හානියට පත් වූ අතර බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් එම ප්‍රදේශයේ අත්‍යවශ්‍ය පිළිසකර කිරීමේ කටයුතුවලටසිය දායකත්වය ලබාදුන්හ.

මෙම සුළි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පිහිටි නිවාස 06 ක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර තවත් නිවාස 15 කට හානි සිදුවිය. මෙම තත්වය පිළිබඳ 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග දැනුවත් වූ විගස එතුමන් විසින් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් අවශ්‍ය සහන කටයුතු සංවිධානය කරනු ලැබූහ.

‍මෙම ක්‍රියාන්විතය, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේ.වයි ප්‍රියදර්ශන විසින් අධීක්‍ෂණය කරන ලදී.