Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 09:01:12 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් කොඩිකාමම් නගරය සහ පොදු ස්ථාන විෂබීජහරණය කරයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භටපිරිස් විසින් කොඩිකාමම් නගරය හා ඒ අවට විෂබීජහරණ වැඩසටහනක් දියත් කළහ.

52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස් ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරුණු මෙම ව්‍යාපෘතියේදී බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන, සුභසාධන මධ්‍යස්ථාන, රජයේ සහ පුද්ගලික අංශයේ බැංකු, පොදු වෙළඳසැල් ඇතුලු නාගරික ස්ථාන රැසක් විෂබීජහරණය කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම ව්‍යාපෘතිය පුද්ගල ආරක්‍ෂක උපකරණ භාවිතා කරමින් පැවැත්වීය.