Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2021 15:45:03 Hours

නන්දන්කන්ඩාල් ප්‍රදේශයේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ දේශණයක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 652 වන බලසේනාවට අයත් 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා නන්දන්කන්ඩාල් ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (01) දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූහ.

652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත් ගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී යුද්ධ හමුදා සාමාජිකයින් එම ප්‍රදේශයේ ගම්බද ප්‍රදේශයන් වෙත ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලැබූහ. මෙම ව්‍යාපෘතිය සඳහා නිලධාරීන් සහ සෙසු නිලයන් සහයෝගය ලබාදුන්හ.