Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2021 14:43:15 Hours

මදුරන්කුලිය ප්‍රදේශයේ තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ යාන්ත්‍රණයට සිය දායකත්වය දක්වමින් ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට මදුරන්කුලිය මර්සි අධ්‍යාපන ආයතනය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කර ඇත.

කොරෝනා වෛරසයේ තෙවන රැල්ලේ ආසාදිතයින්ගේ හදිසි වැඩිවීමක් සිදුවුවහොත් සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මූලික වැඩ කටයුතු පසුගිය අඟහරුවාදා (04) දින අවසන් විය.

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලැබූ මෙම වැඩසටහන සඳහා 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය දැක්වූහ.  

143 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සෞඛ්‍ය බලධාරින් හා යුද්ධ හමුදා නිලධාරින් කිහිප දෙනෙකු සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ප්‍රදේශයේ වෛරසය පැතිරීම අවම කිරීම වෙනුවෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට තීරණය කරන ලදී.