Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2021 12:43:46 Hours

ගතවූ පැය 24 තුළ මෙරට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 11 කින් ඉහල ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (07) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1895 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1851 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 326 ක් ලෙසය. ඊට අමතරව, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 309 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 943 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (07) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,637 ක් වේ. අනෙකුත් පොකුරු සහ අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 26,862 ක් වේ. ඉන් පුද්ගලයින් 98,923 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (07) දින උදෑසන වනවිට, අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 20,843 ක් වන අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 119,423 ක් වේ. ඉන් පුද්ගලයින් 100,885 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (07) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 17,795 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (07) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 810 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (07) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් උඩවලව, බුලුතොට, මල්ලවගෙදර, කටුවාන, සීදූව, ඉනාමලුව, යාපනය, කොළඹ 03, කුලියාපිටිය, බෙන්තොට සහ ගෙලිඔය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (07) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 745 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (07) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 6,705 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට හුදකලා කර තිබූ සියලුම ප්‍රදේශ තවදුරටත් එම හුදකලා තත්වයේම පවතී.