Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2021 22:03:19 Hours

143 වන බලසේනාවේ භටපිරිස් ජල පිරිපහදු ඒකකයක් ස්ථාපිත කරති

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස්වල ඉංජිනේරු දැනුම සහ 143 වන බලසේනාවේ භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් තබ්බෝවැව ප්‍රදේශයේ ගම්වාසීන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා ජල පිරිපහදු කිරීමේ ඒකකයක් ස්ථාපිත කරන ලදී. මෙම ජල පිරිපහදු ඒකකය විවෘත කිරීමේ උත්සවය පසුගිය ඉරිදා (02) දින පැවති අතර එම අවස්ථාව සඳහා සහභාගී වූ 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සජිත් ලියනගේ විසින් එය ගම්වාසීන් වෙත පවරා දුන්නේය.

මෙතෙක් කල් පානීය ජලය ලෙස භාවිතා කළ ජලය සෞඛ්‍යාරක්‍ෂිත නොවන බැව් හඳුනාගැනීමෙන් අනතුරුව 143 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ජල පිරිපහදු කිරීමේ ඒකකය ස්ථාපිත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගී වූහ.