Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2021 16:34:07 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ තවත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරයි

ඉදිවෙමින් පවතින අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල වැඩකටයුතු පිළිබඳ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය අඟහරුවාදා (4) දින පරික්‍ෂා කර බැලූ අතර ප්‍රමාදයකින් තොරව එම ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව ද සොයාබැලීය.  

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති ප්‍රදේශ වලින් හඳුනාගනු ලබන ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සුදුසු ගොඩනැගිලි පිළිබඳ එතුමන් සොයාබැලුවේය.

කොවිඩ් - 19 ආසාදිතයින්ගේ යම්කිසි වර්ධනයක් සිදුවුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක හා බලසේනාවන් ආවරණය වන පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

උපායමාර්ග වලට අනුව ක්‍රියාත්මක වන යුද්ධ හමුදා සාමාජිකයින් කිලිනොච්චි ප්‍රදේශයේ වෛරසය පැතිරීම වැළැක්වීමට දැවැන්ත කාර්යභාරයක නියැළෙති.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ව්‍යාපෘති වලට සමගාමීව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි වන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ භාරතීපුරම් සහ මුරුක්කන්ඩි ප්‍රදේශවල නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබාදෙති.

මෙම සංචාරය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ, බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානි සහ කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වූහ.