Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2021 15:50:54 Hours

තවත් ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (06) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1939 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1897 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 498 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 387 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 377 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 635 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (06) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,637 ක් වේ. අනෙකුත් පොකුරු වල ආසාදිතයින් සංඛ්‍යාව 5,975 ක් වේ. ඉන් පුද්ගලයින් 98,113 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම, අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 18,992 ක් වේ.

අද (06) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 117,528 ක් වන අතර ඉන් පුද්ගලයින් 100,075 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (06) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 16,719 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (06) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 922 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (06) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් කිරිබත්කුඹුර, හිඟුරක්ගොඩ, අරනගංවිල, ගෝනපොල, දෙවනගල, ගල්ලෑල්ල, තිරප්පනේ, කළුතර දකුණ, පයාගල, පේරාදෙණිය, දුම්මලසූරිය, බුලත්කොහුපිටිය, වත්තල සහ කුරන යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (06) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 734 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (06) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 8,437 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන අවස්ථාව වනවිට හුදකලා කර තිබූ සියලුම ප්‍රදේශ තවදුරටත් එම හුදකලා තත්වයේම පවතී.