Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2021 08:00:23 Hours

තවත් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පොලොන්නරුවේදී

කොරෝනා වෛරසයේ තෙවන අදියරේදී පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයාම අවම කරගැනීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පසුගිය ඉරිදා (02) දින පොලොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්වූහ.  

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරී, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය සහ පොලොන්නරු ප්‍රදේශීය ලේකම් හර්ෂ බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා තවත් පාර්ශවකරුවන් සහභාගී වූ අතර එහිදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබද කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.