Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th May 2021 14:03:41 Hours

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථානයේ සංචාරයක

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය සෙනසුරාදා (01) දින ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) මූලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකවල සංචාරයක නිරත වෙමින් එම ඒකකවල කාර්යභාරය සහ වගකීම් පිළිබඳ දැනුවත් වූයේය.

එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යාපනය ඉදිරි නඩත්තු පෙදෙසේ කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස කර්නල් ධම්මික තිලකරත්න විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. මෙම සංචාරය සනිටුහන් කරමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති එම මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව එතුමන් එම ඒකකවල අණදෙන නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ ආඥාපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක් වූයේය.

පසුව, කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) සහ අනෙකුත් ඒකකවල අණදෙන නිලධාරින් විසින් එම ඒකකවල පාලන සහ අනෙකුත් රාජකාරි පිළිබඳ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති දැනුවත් කළහ. මෙම සංචාරයේදී 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා බලකායේ සංචාරයේ නිරත වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා එම කඳවුරු තුලින් පිටව යාමට පෙර විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහන් තැබූ අතර කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණය කිරීමට ද එක් වූයේය.

මෙම සංචාරය සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, උතුර ඉදිරි නඩත්තු පෙදෙසේ අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද එක්වූහ.