Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2021 13:00:23 Hours

කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ ත්‍රිකුණාමලයේදී තවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි සහ 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (28) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැස්වූහ.

එහිදී, මේජර් ජෙනරල් සමන්ත සිල්වා වසංගතයේ 3 වන අදියරයේ වත්මන් තත්ත්වය හමුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡාව පැවැත්වූවේය. එමෙන්ම, වර්තමානයේ වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ආරක්‍ෂක අංශ හා රජයේ බලධාරීන් අතර සම්බන්ධීකරණයේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා 221, 222 සහ 223 වන බලසේනාවල බලසේනාධිපතිවරුන්, කන්තලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, ත්‍රිකුණාමලය රෝහල් අධ්‍යක්‍ෂ, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ සහ ත්‍රිකුණාමලය ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින් සහභාගී වූහ.