Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2021 16:50:15 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා මාතලේදී තවත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් පසුගිය සිකුරාදා (30) දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහභාගී වුයේය.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සහ අනෙකුත් පාර්ශවකරුවන් එක්වූහ. එහිදී, මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 ආසාදිතයින් වැඩිවීම, අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීම, කෘෂි නිෂ්පාදන වෙළඳාම, නිරෝධායනය වන පවුල් සඳහා වියළි සලාක බෙදාදීම සහ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අඛණ්ඩ සේවය වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාවේදී, එන්නත්කරණයේ වත්මන් තත්ත්වය, වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග, මහජනයාට ඇති බලපෑම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, අහඹු ලෙස PCR සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතුවල ප්‍රගතිය, පොලිසිය, රජය සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව සඳහා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.