Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2021 21:33:20 Hours

තවත් වීරෝදාර රණවිරුවෙකුගේ පවුලට ශ්‍රී ලංකා සංඥා බලකාය නව නිවසක් ඉදිකර දෙති

11 වන සංඥා බලකායේ භටපිරිස් විසින් වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම ඒකකයේ මියගිය සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසේ යතුරු භාරදීමේ උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා (29) දින පැවති උත්සවයකදී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් සහභාගී වූයේය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සංඥා බලකායේ මූල්‍යමය දායකත්වය සහ එම නිවස ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය සංඥා බලකාය විසින් ලබාදෙන ලදී. තවත් අනුග්‍රාහක භවතුන් කිහිපදෙනෙකුගේ සහයෝගයද මේ වෙනුවෙන් හිමිවූහ. ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සමරු ඵලකය නිරාවරණය කර සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සිදුකිරීමෙන් අනතුරුව එම යුද විරුවාගේ බිරිඳ සහ පුතනුවන් වෙත නව නිවසේ යතුරු භාරදුන්නේය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තාව 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්.ඩී. කොතලාවල සහ නිවාසලාභීන් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. වර්ෂ 2009 ට පෙර පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ සටනේදී සැරයන් ජේ. කුමාරසිංහ මව්බිම වෙනුවෙන් තම ජීවිතය පූජා කළේය.

මෙම උත්සවය සඳහා සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලලිත් හේරත්, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චානක ප්‍රතාපසිංහ, තත්ත්ව ආරක්‍ෂණ හා පිරික‍්සුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත දසනායක, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් අශෝක ගුණසේකර සහ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූළස්ථානයේ හා සංඥා බලකා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු කොවිඩ් - 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සහභාගී වූහ.