Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd May 2021 15:23:26 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා පොලොන්නරුවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරී මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රැස්වූහ.

මෙම සාකච්ඡාවේදී, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සහ මේජර් ජෙනරල් චන්න වීරසූරිය වසංගතයේ 3 වන අදියරයේ වත්මන් තත්ත්වය හමුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ එළඹෙන උත්සව සමයේ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් පියවරයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡාව පැවැත්වූහ.

මෙහිදී, වර්තමානයේ වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ආරක්‍ෂක අංශ හා රජයේ බලධාරීන් අතර සම්බන්ධීකරණයේ වැදගත්කම සහ හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කිරීම මෙන්ම අවශ්‍යතාවය අනුව ඔක්සිජන් සිලින්ඩර සැපයීම වැනි කරුණු පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව සඳහා ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ සහ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.