Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:49:24 Hours

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක්

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ සාකච්ඡාවක් අඟහරුවාදා (27) දින දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. එම සාකච්ඡාව සඳහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී, මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර මහතා සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වූහ. මෙම සාකච්ඡාවේදී එන්නත්කරණයේ වත්මන් තත්ත්වය, වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග, මහජනයා සතු බලපෑම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, අහඹු ලෙස PCR සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ පැවැත්වීමේ කටයුතුවල ප්‍රගතිය, පොලිසිය, රජය සහ සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කළහ.