Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:50:00 Hours

මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ දී තවත් ආධුනික පුහුණු පාඨමාලාවක් ඇරඹේ

මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේදී පසුගිය අඟහරුවාදා (27) දින පැවති කෙටි උත්සවයකදී අංක l ආධුනික පුහුණු පාඨමාලාව ආරම්භ කළ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර විසින් එහි සමාරම්භක දේශනය පැවැත්වූයේය.

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම - 2020-2025’ ට සමගාමීව 2021 වර්ෂයේදී යුද්ධ හමුදා නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන් වෙත වෘත්තීමය සහ වෘත්තීමය නොවන ආධුනික සෙබලුන් බඳවා ගැනීමට යුද්ධ හමුදාව තීරණය කර ඇත.

මෙහිදී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ 65 වන සේනාංකයේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව නව ආධුනිකයින් 288 දෙනෙකු සඳහා මාස හතරක ආධුනික පුහුණු පාඨමාලාවක් පැවැත්වේ.

ඒ අනුව, මෙම ආධුනික පුහුණු පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ආධුනික සෙබලුන් 11 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආධුනික සෙබලුන් 103 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ ආධුනික සෙබලුන් 109 දෙනෙක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි බලකායේ ආධුනික සෙබලුන් 54 දෙනෙක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ආධුනික සෙබලුන් 11 දෙනෙක් ඇතුළත් වේ.