Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:50:02 Hours

තවත් අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක් ඉදිකරති

බක්මීගම, තුසිතපුර ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල් තැබීම පසුගිය බ්‍රහස්පතින්දා (22) දින පැවති කෙටි උත්සවයක දී සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව පැවති කෙටි උත්සවයකදී සිදුකළේය.

මෙම ව්‍යාපෘතිය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් සහ 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් ගේ අධීක්‍ෂණය යටතේ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් දියත් කළහ. මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ධානපති නිහාල් සූරියගේ මහතා, දමිත් කහවේ මහතා සහ සමන් මාරසිංහ මහතා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර යුද්ධ හමුදා භටපිරිස් සිය ශ්‍රම දායකත්වය සපයමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරති.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් සහභාගී වූයේය. එමෙන්ම, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්. හසන්ත, සෙසු නිලයින් පිරිසක් සහ නිවාසලාභියා ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.