Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:48:08 Hours

ගතවූ පැය 24 තුළ මෙරට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 11 කින් ඉහල ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1662 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 29 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 1636 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 329 ක් ලෙසය. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 317 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 193 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 797 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (01) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 90,637 ක් වේ. අනෙකුත් පොකුරු වල ආසාදිතයින් සංඛ්‍යාව 5,804 ක් වේ. ඉන් පුද්ගලයින් 94,013 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම, අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 11,707 ක් වේ.

අද (01) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 108,145 ක් වන අතර ඉන් පුද්ගලයින් 95,975 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (01) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 11,492 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (01) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 530 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (01) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇත. ඔවුන් කැළණිය, පරගස්තොට, කොළඹ 14, දිවුලපිටිය, වත්තල, මාතලේ, පිලියන්දල, දෙහිඅත්තකණ්ඩිය, කළුතර, පැපිලියාවල සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (01) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 678 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (01) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 113 ක් තුළ පුද්ගලයින් 10,519 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

අද (01) දින උදෑසන වනවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය, තිත්තවැල්ගම, කුඹුක්ගැටේ ග්‍රාම සේවා වසම, නිරාවිය, නිකදලුපොත සහ උඩුබදලාව යන ග්‍රාම සේවා වසම් හුදකලා කර ඇත. එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයේ අධිකාරිගොඩ, මිරිස්වත්ත, පැළවත්ත උතුර සහ පැළවත්ත නැගෙනහිර, බොල්ලුන්න, ඉඟුරුදළුව, මීදලාන, මොරපිටිය, පැලීද, හැදිගල්ල, මොරපිටිය උතුර, වැල්ලාවිට දකුණ, මාකලන්දාව, බෝතලාව, පහළ හේවැස්ස යන ග්‍රාම සේවා වසම්, ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලුගෙදර, කලුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුම්පුහාර්, සුමේධන්කරපුර (උප්පුවේලි), මඩ්කෝව්, කෝවිලාඩි, ලින්ගනගර්, කාවට්ටිකුඩා සහ චීනවරාය යන ග්‍රාම සේවා වසම්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම සේවා වසම්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සිරිකෙත සහ සරුබිම ග්‍රාම සේවා වසම්, මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාවුල පොලිස් බලප්‍රදේශ සහ පල්ලේකුඹුර, අලුගොල්ල ග්‍රාම සේවා වසම් හා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, අම්පාර දිස්ත්‍රික්කයේ කුමනගම ග්‍රාම නිලධාරි වසම සහ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වෙහෙරයාය, කොට්ටම්ගම්බොක්ක, රහතන්ගම, ගල්අමුණ සහ හැලමුල්ල යන ග්‍රාම සේවා වසම් හුදකලා කර ඇත.