Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2021 18:56:15 Hours

දකුණු සුඩානයේ සිටින ශ්‍රී ලාංකික හමුදා භටපිරිස් පරිසර සංරක්‍ෂණයට දායක වේ

දකුණු සුඩානයේ බෝර් නගරයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා පිටත්ව ගොස් සිටින SRIMED දෙවන අදියරේ රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික භටපිරිස් විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සංරක්‍ෂණය කිරීමේ සංසදය හා ඒකාබද්ධව පරිසරය සුරැකීමේ ව්‍යාපෘති කිහිපයක් පසුගිය දිනවල ආරම්භ කළහ. මෙම වැඩසටහන යටතේ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මූලස්ථානය හා ඒ අවට ප්‍රදේශ කිහිපයක් පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

ඛණ්ඩභාර නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලාංකික භටපිරිස් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත අනෙකුත් භටපිරිස් සමගින් මූලස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී. මෙම වැඩසටහන අතරතුරදී භටපිරිස් විසින් බටහිර අප්‍රිකානු කලාපයට සංක්‍රමණික විශේෂයක් වූ තරමක් රෝගාතුර තත්ත්වයට පත් වී සිටින මාන කොකුන් සඳහා ආහාර ලබාදීමෙන් අනතුරුව අසල පිහිටි වනාන්තරයකට මුදාහරින ලදී.

තවද, ජලය ඉතා අඩු වගුරු බිමක සිටි දේශිය මත්ස්‍ය විශේෂයක් බෝර් ප්‍රදේශයේ පිහිටි ජලය සහිත ආරක්‍ෂක ස්ථානයක් වෙත මුදාහරින ලදී. ව්‍යාපෘතියේ අවසන් අදියර වශයෙන් භටපිරිස් විසින් SRIMED රෝහල ඉදිරිපිට පරිශ්‍රයේදි පැළ රෝපණයක් ද සිදුකරන ලදී.