Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2021 14:13:56 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර බෝගස්වැව පන්සලේ සහ බෝගස්වැව මහා විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳ පරික්‍ෂා කර බැලීමේ අරමුණින් එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේය.

මෙම සංචාරය සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සමඟ 56 වන සේනාංකයේ සේනාංකාධිපති, 563 වන බලසේනාවේ බලසේනාධිපති සහ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ද එක්වූහ.