Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2021 22:22:54 Hours

යුද්ධ හමුදා භටපිරිස් වවුනියාව නගරබද කලාපය විෂබීජහරණය කරයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර සහ 56 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරල් නන්දන දුනුවිල ගේ උපදෙස් පරිදි 56 වන සේනාංකය යටතේ ස්ථාපිත 562 වන බලසේනාවේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් පසුගිය සඳුදා (26) දින වවුනියාව නගරයේ පොදු ස්ථාන සහ ඒ අවට ප්‍රදේශයේ විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් පැවැත්වූහ.

ඒ අනුව, 562 වන බලසේනාව යටතේ ස්ථාපිත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වවුනියාව නගරයේ බස් නැවතුම්පොල, දුම්රිය ස්ථානය, සුභසාධන මධ්‍යස්ථාන, රාජ්‍ය හා පුද්ගලික බැංකු, වෙළඳපොල, ජනතාව එක්රැස්වන ස්ථාන සහ ත්‍රී රෝද රථ නැවතුම් වැනි පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ ව්‍යාපෘතියක් පැවැත්වූහ. මෙම ව්‍යාපෘතිය 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.එස්. ප්‍රේමවංශ ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූවේය.  

මෙම ව්‍යාපෘතිය සඳහා වවුනියාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ අදාළ ප්‍රදේශවල නගර සභා නිලධාරීන් සිය සහයෝගය ලබාදුන්හ.