Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

27th April 2021 10:34:33 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කෞතුකාගාරය ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 71 වන සංවත්සර දිනයේදී එම බලකායට ඓතිහාසික වටිනාකමක් එක් කරමින් පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (22) දින කෞතුකාගාරයක් ස්ථාපිත කරන ලදී.

එම රෙජිමේන්තුවේ නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ කැපවීමෙන් රෙජිමේන්තු දිනයට සමගාමීව ඉදිකරනු ලැබූ මෙම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් ප්‍රේමලාල් සහභාගී වූයේය.