26th April 2021 18:16:07 Hours
මාතලේ රත්තොට ප්‍රදේශයේ පාළු ළිඳකට වැටි සිටි පුද්ගලයෙකු පිළිබඳ පසුගිය සිකුරාදා (23) දින කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකල හදිසි දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ 53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ සේවයේ නියුතු ගජබා රෙජිමේන්තු භටපිරිසක් අදාළ ස්ථාන වෙත ගියහ.
කෙසේවෙතත් පාළු ලිඳකට වැටි සිටි එන්.ඒ විතානගේ චන්ද්‍රදාස භටපිරිස් සොයාගන්නා විටත් ජීවිතක්‍ෂයට පත්ව සිටියේය. පාළු ලිඳේ තිබු ඔහුගේ දේහය මහත් පරිශ්‍රමයක් දරා ගොඩට ගත් භටපිරිස් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සදහා පොලිසීය වෙත භාරදුන්හ.
මෙම මෙහෙයුම 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ උපදෙස් පරිදි 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ මඟපෙන්වීම මත සිදු කරන ලදී.