Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

26th April 2021 22:07:15 Hours

ආබාදිත රණවිරුවන් වෙනුවෙන් ස්කූබා කිමිදුම් පුහුණු වැඩමුළුවක් පවත්වති

යුද්ධයෙන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් දසදෙනෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විශේෂ ස්කූබා කිමිදුම් පුහුණු වැඩමුළුවක් (scuba-diving training programme) හික්කඩුව ජාත්‍යන්තර කිමිදුම් පාසල් පරිශ්‍රයේදි පවත්වන ලදී.

මෙම වැඩමුළුව ස්කූබා කිමිදුම් පිළිබඳ ප්‍රවීණයෙකු වන ෂෙහාන් පිලපිටිය මහතා විසින් මෙහෙයවන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී වූයේය.

‘අධිෂ්ඨානය මත කළ නොහැකි දෙයක් නොමැත’ යන තේමාව මුල් කරගනිමින් මෙම වැඩමුළුව තුලින් ස්කූබා කිමිදුම් උපකරණ හුරු කරවීමත් පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීමත් සිදුකරන ලදී.