Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

26th April 2021 23:23:01 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය බදාදා (21) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපති ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නියෝජ්‍ය සේනාවිධයක කර්නල් ප්‍රභාත් ජයසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත පීරිස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි සරඹ භූමිය වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති කැටුව එනු ලැබීය. ඉන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

පසුව එතුමන් රට දැය වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා පාබල හමුදා වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කළේය.

මේජර් ජෙනරල් ටී. ජේ. කොඩිතුවක්කු මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්තේය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

පසුව, සියලු නිලධාරින් සහ සෙසු නිලයින් ආමන්ත්‍රණය කළ එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී වූහ.