26th April 2021 11:26:36 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා බල ප්‍රදේශයේ සෙවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකකරුවන් 40 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
පොලිසිය, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය, සුරාබදු දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුද්ධ හමුදා භටපිරිස් අදාළ වැටලීම් සිදුකළහ.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් ගතවූ මාසයකට ආසන්න කාලයක් තුළ (2021 මාර්තු සිට 2021 අප්‍රේල් දක්වා) නීතිවිරොධී වැලි කැණීම, නීති විරෝධී දැව කැපීම සහ ප්‍රවාහනය, ගංජා සහ මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලට එරෙහිව වැටලීම්වලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී නීතිවිරෝධී වැලි කැණීමේ උත්සාහයන් 28 ක් භටපිරිස් විසින් වළක්වා ඇති අතර වැලි කියුබ් 48 ක් අත්අඩංගුවට ගෙන නීතිවිරෝධී මත්පැන් නිපදවීම සඳහා භාවිතා කරන පැසුණු ස්පීතු (ගෝඩා) ලීටර් 8815 ක්, සම්පූර්ණ ආසවනය කළ නීති විරෝධී මත්පැන් ලීටර් 35 ක්, කැණීම් උපකරණ ඒකක 100 ක්, ගංජා සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 185.035 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එම කාලය තුළ අත්අඩංගුවට ගත් ගංජා, බුරුත සහ පලු දැව කඳන් 100 ක් සහ මත්ද්‍රව්‍ය කැප්සියුල 60 ක් සහ සැකකරුවන් 40 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සියලු මෙහෙයුම් දියත් කරනු ලැබුවේ සමාජ විරෝධී ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට, සමාජයට හා පරිසරයට විශාල වශයෙන් විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙන ක්‍රියාකාරකම් වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබාදුන් උපදෙස්වලට අනුවය.
යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් පරිදි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ උපදෙස් අනුව කිලිනොච්චි භටපිරිස් අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ පූර්ණ සහයෝගයෙන් එම ඒකාබද්ධ මෙහෙයුම් සිදු කළහ.