26th April 2021 08:10:53 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ 2020- 2025 උපායමාර්ගික සැලැස්මට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා මහජන සම්බන්ධතා කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා දින හතරක වැඩමුළුවක් පසුගිය අප්‍රේල් මස 20 සිට 23 දක්වා කාලය තුළ යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.
ප්‍රවීණ දේශක මඩුල්ලක ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ මෙම වැඩමුළුව මනෝවිද්‍යා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. රට පුරා ව්‍යාප්තව තිබෙන විවිධ ආයතන නියෝජනය කරමින් මහජන සම්බන්ධීකරණ නිලධාරීන් 49 ක ගෙන් යුත් කණ්ඩායමක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී, 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් කතෝලික සංස්කෘතිය පිළිබඳ වත්, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න විසින් නූතන මහජන සම්බන්ධීකරණ කටයුතු සහ ජාතික ආරක්ෂාව හා එහි වැදගත්කම පිළිබඳවත් සාකච්ඡා කළහ. තවද, කර්නල් බන්දුල කොඩිප්පිලි විසින් ඉදිරි පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධීකරණ කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවට භාජනය කරන ලදී.
මහජන සම්බන්ධීකරණ නිලධාරීන් විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව කර්නල් බී. එම්. ආර්. ජේ. බණ්ඩාර විසින්ද, ලුතිතන් කර්නල් කේ. ජේ. රණවීර විසින් රටේ මේවන විට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳවත්, ආචාර්ය සිංහරාජ තම්මිට දෙල්ගොඩ විසින් ශ්‍රී ලංකාවේ පවතින සමාජ හා සංස්කෘතික ගැටළු පිලිබඳවත්, හින්දු සංස්කෘතිය පිළිබඳව ලුතිතන් කර්නල් බී. ජී. එස්. සමන්ති විසින්ද, ඉස්ලාම් සංස්කෘතිය පිළිබඳව අෂීක් අමිහර් හක්මදීන් මවුලවි තුමන් විසින්ද, ,බෞද්ධ සංස්කෘතිය පිළිබඳව මේජර් ටී. පී. ජී. කේ. පී. අල්විස් විසින්ද, ශ්‍රී ලංකාවේ මහජන සම්බන්ධීකරණ කටයුතු පරිපාලනය සහ මූලාකෘති පිළිබඳව චතුරන්දි විජේසිංහ මහත්මිය විසින් ද සාකච්ඡා කළහ.
වැඩමුළුවේ සමාප්ති උත්සවය ඉකුත් සිකුරාදා (23) දින පැවැත්විණි.