Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2021 19:56:00 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා 31 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා 31 වන සංවත්සරය ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

එම අවසථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක සහ භඨකාර්ය අණසක ආඥාපති මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලක්‍ෂ්මන් බමුණුසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. අනතුරුව රෙජිමේන්තු දිනය වර්ණවත් කරමින් භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුද කළේය.

ඉන් පසු බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ එතුමන් භටපිරිස් ඇමතීමෙන් පසු සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.

අනතුරුව පැවති දිවා භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලක‍ා කර්නල් සේනාවිධායකගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල සහභාගී විය. තවද එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලක‍ා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රන්ජන් ප්‍රේමලාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති බ්‍රිගේඩියර් අනිල් ඉලංගකෝන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලක‍ා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලක්‍ෂ්මන් බමුණුසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.