Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

25th April 2021 20:19:43 Hours

බස්නාහිර පළාත් වෘත්තීය පුහුණු ආයතන අතරින් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය රණවිරු සම්පත් කේන්ද්‍රයට

ජාතික වෘත්තිය පුහුණු විශිෂ්ඨතා සම්මාන - 2021 වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ වෘත්තීය පුහුණුව ලබාදෙන රාජ්‍ය අයතන අතරින් ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියට (VTA) අනුබද්ධ හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කේන්ද්‍රයට (RRC) හිමිවේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන පර්යේෂන හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය සහභාගී වුවාය. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව එක්ව මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදී.

බස්නාහිර පළාතේ පුහුණුව ලබාදෙන රාජ්‍ය ආයතන අතුරින් ශ්‍රේණිගත කිරිම්වල දෙවන ස්ථානය හිමිකරගත් හේකිත්ත රණවිරු සම්පත් කේන්ද්‍රය (RRC) වෙත හිමි සම්මානය රණවිරු සම්පත් කේන්ද්‍රයේ (RRC) සේනාවිධායක බ්‍රිගේඩියර් කනිෂ්ක පෙරේරා ලබාගත්තේය. මෙම ජයග්‍රහනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය සුභ පැතුම් එක් කළේය.

රණවිරු සම්පත් කේන්ද්‍රය (RRC) 2013 මැයි 24 වන දින එවකට ආරක්‍ෂක ලේකම් සහ වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරම්භ කරන ලදී. යුද්ධයේදී රණක්‍ෂිතයට පත්වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තීය සුදුසුකම් (NVQ) සහතිකය ලබා ගැනීමට සුදුසුකම් ලබන වෘත්තීය පාඨමාලා නවයකින් සමන්විතව රණවිරු සම්පත් කේන්ද්‍රය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ස්ථාපිත කර ඇත.