Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2021 14:27:30 Hours

21 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරී අරඹයි

අනුරාධපුර, රණසේවාපුර පිහිටි 21 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් මොහාන් රත්නායක එම සේනාංකයේ භටපිරිස්වල ගෞරවාචාර මධ්‍යයේ ඉකුත් බදාදා (21) දින පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.

21 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපති 21 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිධාරී කර්නල් නලීන් වීරකෝන් සහ කර්නල් පාලන හා භඨකාර්ය කර්නල් ජගත් වීරකෝන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ආරම්භය සංකේතවත් කළේය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ අතර ඉන් අනතුරුව නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකය යටතේ ඇති බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, සේනාංකයන්හී මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.