24th April 2021 09:01:37 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබු ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ පිළිබඳ සියලු ආරක්‍ෂක සේනා මූලස්ථානවල සේවයේ නියුතු සිවිල් සම්බිධීකරණ නිලධාරීන් දැනුවත් කිරිමේ දේශණයක් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ‘Diner's Club’ සැසිවාරයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
‘Diner's Club’ සැසිවාරයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නෙරින් පුල්ලේ මහතා විසින් “මහජන ආරක්‍ෂක ආඥා පනතේ 12 වන වගන්තියේ (40 වන පරිච්ඡේදය) විශේෂ යොමුවේ සඳහන් පරිදි යුද්ධ හමුදාවේ බලතල හා සීමාවන්’ පිළිබඳ නිලධාරීන් දැනුවත් කළේය.
මෙම සැසිවාරයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වූ අතර, එහිදි සිවිල් සම්බන්ධතා සහ ප්‍රජා මූලික ව්‍යාපෘතිවල නිරත වෙමින් සිටියදී ඔවුන් සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව දැනුවත් වීමට හැකිවිණි.
යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම සැසිවාරය සඳහා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.ඒ.ඒ සෙනෙවිරත්න සහ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හී අධ්‍යක්‍ෂ වරුන් පිරිසක් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.