Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

23rd April 2021 14:29:25 Hours

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,021 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 969 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 38 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 931 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 251 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 236 ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 250 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (24) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 94,526 ක් වේ. ඉන් පුද්ගලයින් 92,635 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවූ ආසාදිතයන් සියලුදෙනා මේවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (24) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 99,690 ක් වන අතර ඉන් පුද්ගලයින් 94,035 පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (24) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,021 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (24) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 151 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (24) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු පුද්ගලයෙකු මියගොස් නොමැත. ඒ අනුව අද (24) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 634 ක් වේ.

අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 111 ක් තුළ පුද්ගලයින් 10,643 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (23) දිනය තුල PCR පරික්‍ෂණ 12,439 ක් සිදුකර ඇත.