23rd April 2021 09:29:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහල් අමරසේකර ලබාදුන් උපදෙස් මත 'ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය' පිළිබඳ වැඩමුළුවක් අප්‍රේල් මස 19 දින සිට 23 දින දක්වා මත්තේගොඩ දේශණ ශාලාවේදී පැවැත්විණ.
මෙම වැඩමුළුවේ මූලික පරමාර්ථය ඉංජිනේරු බලකාය සිදුකරනු ලබන යුද්ධ හමුදා ඉදිකිරීම්, ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතීන් සහ වෙනත් ජාතික හා කලාපීය කාර්යයන් පිළිබඳ ඉංජිනේරු නිලධාරීන්ගේ දැනුම හා වෘත්තීය හැකියාව වැඩි දියුණු කිරීමයි.
ප්‍රසාද් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නෙක්ස්ටෙක් (NEXTEC) ඉංජිනේරු පෞද්ගලික ආයතනයේ ඉතා පළපුරුදු සම්පත්දායකයින් කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබු අතර වැඩමුළුව තුළින් හමුදා සහ හමුදා නොවන ව්‍යාපෘතිවල නියුතු නිලධාරීන්ට අවශ්‍ය න්‍යායාත්මක දැනුම ලබා දෙති.
මෙම වැඩමුළුවේ දේශනයන් විශාල අත්දැකීම් හා දැනුමක් ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය හා කර්මාන්ත විශේෂඥයින් පිරිසක් විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩමුළුව කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.