Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2021 15:25:46 Hours

දිවයිනට සපැමිණි පකිස්ථානු අග්‍රාමාත්‍යතුමන්ට උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ද්වීපාර්ශවීය අවබෝධය සහ මිත්‍රත්වයේ ශක්තිමත්භාවය ලොවට විදහා දක්වමින් ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් (Imran Khan) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද (23) දින ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේදී රතු පලස් මතින් ශ්‍රී ලංකාවට සපැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් ශ්‍රී ලංකා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මේ අවස්ථාවට ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පකිස්ථාන මහ කොමසාරිස්, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ තවත් උසස් රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.

ඉතා උණුසුම් අයුරින් පිළිගත් පකිස්ථාන අග්‍රාමාත්‍යතුමන් යුද්ධ හමුදාව මඟින් පවත්වනු ලැබූ උත්තමාචාර පෙළපාලිය පිළිගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන එන ලදී.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක ආචාර පිළිගත් පකිස්ථාන අග්‍රාමාත්‍යතුමා ඉන් අනතුරුව පෙළපාලිය නිරීක්‍ෂණය කළ අතර එතුමන්ව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කැටුව යන ලදී. ඉන් අනතුරුව එතුමන් වෙත කාලතුවක්කු සම්මාන ආචාර වෙඩිමුරයන් ද පිරිනැමීය.

ගුවන්තොටුපළේ පැවති පිළිගැනීමේ උත්සවය සඳහා අමාත්‍යවරුන්, පකිස්ථාන මහ කොමසාරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ. Adidas footwear | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers