Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2021 11:52:15 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නව නිවාඩු නිකේතනයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමට බංගලාවක් සහිත භූමි භාගයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පසුගිය බ්‍රහස්පතින්දා (25) දින නුවර එළියේදී පරිත්‍යාග කරන ලදී. මෙම බංගලාව සහිත භූමි භාගය පර්චස් 180.2 භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එම පරිත්‍යාගය සිදුකරනු ලැබුවේ අතීතයේ සිට වැවිලි කර්මාන්තයට උරුමකම් කියන නුවරඑළිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පවුලක් විසිනි.

යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම ඉඩම් පරිත්‍යාගය භාරගනිමින් අදාළ නීතිමය ලියකියවිලි සඳහා අත්සන් තැබීම වතු හිමිකරු දොන් බර්නාඩ් ඇලෝසියස් කුරුකුලාදිත්‍ය (Don Bernard Aloysius Kurukuladithiya) මහතා සහ ලාලනී බියට්‍රිස් කුරුකුලාදිත්‍ය (Lalani Butrious Kurukuladithiya) මහත්මිය ඉදිරියේදී සිදුකරන ලදී.

දොන් බර්නාඩ් ඇලෝසියස් කුරුකුලාදිත්‍ය මහතා පාරම්පරික උරුමයෙන් වතු හිමිකරුවෙකි.

රට දැය වෙනුවෙන් දැඩි කැපවීමෙන් සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මෙවන් පරිත්‍යාගයක් සිදුකිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම පරිත්‍යාගය සිදුකළ පරිත්‍යාගශීලීන් වෙත ස්තූතිය පුදකළේය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සංජය වණසිංහ, ඉඩම්, දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියන්ත සිල්වා, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් සරත් තෙන්නකෝන් සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුලු නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ. affiliate tracking url | nike