Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2021 15:45:46 Hours

මේවන විට මෙරට කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 459 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (26) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 466 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. ඉතිරි පුද්ගලයින් 464 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 164 ක් ලෙසය. ඊට අමතරව,ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 176 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (26)දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට සහපෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,868 ක් වේ. ඉන් පුද්ගලයින් 75,567 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. මීනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් හමුවු ආසාදිතයින් සියලුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

අද (26) දිනඋදෑසන වනවිට, පෑලියගොඩ මතස්‍ය වෙළඳපොල පොකුරේ සම්පූර්ණ සංඛ්‍යාව 75,273 ක් වන අතරශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 81,932 ක් වේ. ඉන් පුද්ගලයින් 76,960 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (26) දිනඋදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 4,513 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (26) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 447 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (26) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 දෙනෙකු මියගොස් ඇත.ඔවුන් කඩවත සහ වත්තල යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (26) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 459 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (26) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන95 ක් තුළපුද්ගලයින් 9,556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (25) දිනය තුල PCR පරික්‍ෂණ 12,198 ක් සිදුකර ඇත. Sportswear Design | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ