Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2021 16:02:10 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති රාජකාරී අරඹයි

දියතලාවේ පිහිටි මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් රංජන් ලමාහේවා පසුගිය බදාදා (24) දින පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. මීට ප්‍රථම, මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් රංජන් ලමාහේවා සිය ධූරයට පත් කෙරිණි.

ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව නව ආඥාපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් ආගමික වතාවත්හි නිරතවූහ.

මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, සිය ධූරයේ රාජකාරී කටයුත ආරම්භ කිරීමෙන් අනතුරුව භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. පසුව පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයකට ද එතුමන් එක්විය.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම, එතුමන් බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ කොළඹ ප්‍රදේශයේ පිහිටි 14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළේය. එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ සමස්ත ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී ලෙස ද කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, 111 වන බලසේනාවේ, 112 වන බලසේනාවේ 121 වන බලසේනාවේ, 122 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන් සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි වූහ. latest Nike Sneakers | Men Nike Footwear