Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2021 22:32:57 Hours

මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාම සඳහා සිය ධූරයෙන් නික්ම ගිය මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ බදාදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. වසර 30 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් එල්ටීටීඊ ත්‍රස්තවාදන් සමඟ දශක තුනකට අධික කාලයක් පැවැති මානුෂීය මෙහෙයුමේදී ලද අමතක නොවන මතකයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්තේය.

යුද්ධ හමුදාවේ සහ ගැමුණු හේවා බලකායේ උසස් තනතුරු රැසක් හොබවු මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ සිය යුද්ධ හමුදා දිවිය තුළ 21 වන සේනාංකයේ සේනාංකාධිපති, 592, 522 සහ 233 වැනි බලසේනාවන්හී බලසේනාධිපති ලෙස ද සේවය කර ඇත.

යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. මෙම සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් අතර සමරුතිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. Best Sneakers | Air Jordan 1 Retro High OG Retro High OG Hyper Royal 555088-402 , Fitforhealth