Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2021 14:25:46 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක ගේ සේවය පැසසුමට

ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට ප්‍රථම අද (24) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදී, දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය.

දශක තුනකට වැඩි කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ කැපවීම අගය කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, 2009 මැයි මාසයට පෙර පැවැති මානුෂීය මෙහෙයුමේ අත්දැකීම් පිළිබඳ සිහිපත් කළේය. යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ උසස් තනතුරු රැසක් හෙබවූ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක යුධබීමේදී සිදුවූ අමතක නොවන මතකයන් පිළිබඳ මෙහිදී සිහිපත් කළේය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කළ පැසසුම වෙනුවෙන් සිය ස්තූතිය පුද කරනු ලැබීය. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් හට යුද්ධ හමුදාධිපතිතුමන් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. Buy Kicks | Nike