Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2021 13:25:41 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරිය රාජකාරි අරඹයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරීය ඉකුත් සදුදා (25) දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත ප්‍රදාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. අනතුරුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර සහ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය බ්‍රිගේඩියර් ශිරන්ත දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, සරඹ භූමීය වෙත පිවිසි නව ආඥාපතිතුමන් වෙත පෙලපාලි අණදෙන නිලධාරී විසින් සම්මාන පෙලපාලිය පරික්‍ෂා කරන ලෙස ආරාධනා කළේය. පසුව 15 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය.

එම අවස්ථාවෙන් පසු සිය කාර්යාලය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. පසුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව භටපිරිස් ඇමතු එතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ක්‍රියාත්මක කළ යුතු ඉදිරි වැඩපිළිවෙල පිළිබදව ඔවුන් දැනුවත් කළේය.

පසුව එතුමන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ 22, 23 සහ 24 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරත වූයේය.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ධූරයට පත්වීමට පෙර 22 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කටයුතු සිදු කළේය. Adidas shoes | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival