Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2021 22:38:58 Hours

නව ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක රාජකාරී අරඹයි

මේජර් ජෙනරල් සේන වඩුගේ නව අඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින දියතලාව පිහිටි එම මූලස්ථානයේදී සම්ප්‍රදායානූකූලව සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් බ්‍රිගේඩියර් පුහුණු බ්‍රිගේඩියර් චන්ද්‍රා ජයවීර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය.

සිය කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් සේන වඩුගේ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව සියලු නිලයන් අමතමින් එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ ඔවුන් දැනුවත් කළේය.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානයන්හී ප්‍රදානතම පුහුණු මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපාය මාර්ගයන් සහ අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා යුද්ධ හමුදා පුහුණු අණසක මූලස්ථානය විසින් ඉටු කළ යුතු වැදගත් කාර්යභාරයන් පිළිබඳව ද එතුමන් කරුණු අවධාරණය කළේය. Nike footwear | Nike Off-White