Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2021 10:17:20 Hours

6 වන Silk Sports Award-2020 - ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කළ දායකත්වයට පිදෙන විශිෂ්ටතා සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

SPORTSINFO විසින් සංවිධානය කරන ලද 6 වන Silk Sports Award-2020 වෙතින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරනු ලැබු දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. එම සම්මාන ලබාදීමේ උළෙල ඉකුත් සිකුරාදා (22) දින පැවැත්විය.මෙම අවස්ථාව සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදීම වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය. එසේම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් බිහිකර ඇති බවත් ඔලිම්පික් ක්‍රීඩා උළලේදී පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ බව ද එහිදි සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් නිකුත් කළ සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ:

Silk Sports Award-2020 දී මෙරට ක්‍රීඩාවේ උණ්නතිය උදෙසා පිදෙන විශිෂ්ටතා සම්මානය වෙනුවෙන් සහ ක්‍රීඩා කුසලතා සංවර්ධනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදීම වෙනුවෙන් පිදෙන විශිෂ්ටතා සම්මානයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තෝරාගැනීම සම්බන්ධයෙන් SPORTSINFO වෙත මාගේ කෘතඥ තාවය පළ කරමි.

ජාතියේ රණශූරයින් මෙන්ම ජාතියේ ආරක්‍ෂකයින් වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉන් ඔබ්ඹට ගොස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයාග්‍රහණ රැසක් ලගාකරගනිමින් සිටින පසුබිමක මෙම සම්මානය පිරිනැමීම සබැවින්ම උත්තේජයනක් හා දිරිගැන්වීමක් වේ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ජාතියට දායාද කර ඇති අතර, ශ්‍රී ලංකාවෙන් බිහිකළ ඔලිම්පික් පදක්කම්ලාභීන් සියළු දෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිකළ බව මම ඉතා ආඩම්භරයෙන් ප්‍රකාශ කරමී. “තිරය පිටුපස සිටින කිරුළු නොපලන් විරුවන් වෙනුවෙන්” ඔබ විසින් පිරිනමන ලද මෙම විශිෂ්ටතා සම්මානය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති වශයෙන් මම ඉතා ගෞරවයෙන් පිළිගනිමි.

ඔලිම්පික් හා පැරාලිම්පික් ආසියානු මෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වලදී ද සුවීශේෂි දස්කම් දක්වමින් යුද්ධ හමුදා ක්‍රීඩා ක්‍රීඩිකාවන් ජයග්‍රහන හිමිකර ගනිමින් අනෙකුත් ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට සුවිසල් ආදර්ශයක් ලබාදුන් බවද සිහිපත් කරමී. දක්‍ෂතාවන්ට පමණක් සීමා නොවෙමින් ක්‍රීඩා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පුහුණු කිරීම, අනාගත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හමුදා පහසුකම් සැපයීම සහ පුහුණු සැසි පැවැත්වීම තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉමහත් දායකත්වයක් ලබා දී තිබේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ පැවති Silk Sports Award-2020 උළලේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කුසලතා සංවර්ධනය සඳහා වඩාත්ම කැපී පෙනෙන දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශිෂ්ටතා සම්මානය සඳහා තෝරා ගැනීම - ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් යුද්ධ හමුදාව දක්වන දැවැන්ත දායකත්වය අගය කිරීමකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරි කාලයේදීත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් ලබාදෙන දායකත්වය අඛණ්ඩවම ලබාදෙන බවට ද මම අවධාරණය කරමි.

අවසාන වශයෙන්, SPORTSINFO විසින් Silk Sports Award-2020 සංවිධානය කිරීම වෙනුවෙන් එහි සංවිධායකයින්ට ස්තූතිවන්ත වන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් වෙනුවෙන් දායකත්වය ලබාදෙන සහ දිරිමත් කරන සියලු දෙනා හදුනාගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්‍ෂේත්‍රයට ශක්තියක් වීමට හැකිවේවායි පතමී. මම ඔබට සුබ පතමි." Buy Kicks | Gifts for Runners