Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2020 14:22:18 Hours

12 වන සේනාංකයේ භටපිරිස් වැල්ලවාය ප්‍රදේශයේ පැළ සිටුවීමේ ව්‍යපෘතියක් දියත් කරති

දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ‘හුස්ම දෙන තුරු’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පැළ සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් සමඟ 121 වන බලසේනාව, 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 18 වන ගැමුණු හේවා බලකාය එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (27) දින වැල්ලවායේ පිහිටි සපුගොඩකන්ද කඳුකර ප්‍රදේශයේදී දුර්ලභ පැළ වර්ග 500 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ උපදෙස් මත එම සේනාංකය විසින් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ එම ප්‍රදේශයේ පිහිටි කඳුකර ප්‍රදේශ තෝරාගෙන එම ප්‍රදේශවල මී, ඇත් දෙමට, මාදං ආදී පැළ වර්ග සිටුවනු ලැබිණි.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටේ වනාන්තර ආවරණය 30% කින් වර්ධනය කිරීමට අපේක්‍ෂා කරන අතර, ඊට සමගාමීව දියත් කරනු ලබන මෙම වැඩසටහන තුලදී රට පුරා පැළ මිලියන 2 ක් සිටුවීමට අපේක්‍ෂා කෙරේ.

12 වන සේනාංකයේ සහ 121 බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව 121 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් උදය සේරසිංහ, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම වැඩසටහන දියත් කළහ. Sport media | Autres