Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2020 14:08:31 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මියගිය වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරති

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 65 වන සංවත්සරයට සමගාමීව ඉකුත් සිකුරාදා (27) දින අනුරාධපුර, කලැත්තෑව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රණවිරු ස්මාරකය අභියස දී යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබිණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා දිනය සැමරීමට ප්‍රථම මියගිය රණවිරුවන්ට ගෞරවාචාර පිරිනැමීම වෙනුවෙන් සෑම වසරකම එම රෙජිමේන්තුව විසින් මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පිරිනමයි.

මෙම අවස්ථාව සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 583 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.ජී සූරියබණ්ඩාර, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මාලන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුමිත් දේවප්‍රිය, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ඇතුළු සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

මෙම සැමරුම් උත්සවය කොවිඩ් - 19 වෛරස් වසංගතය වැළැක්වීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී. best Running shoes brand | FASHION NEWS