Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2020 06:00:37 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති 65 වන සේනාංකයේ භටපිරිස් අමතයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ 2020 නොවැම්බර් මස 28 දින 65 වන සේනාංකයේ නිල සංචාරයක් සිදුකරන ලද අතර, එම සංචාරය නුදුරේදී සේනාංක ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඇති වටපිටාව තුළ භටපිරිස් ඇමතීම අරමුණු කොටගෙන සිදුකරන ලදී.

65 වන සේනාංකය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, එතුමන් 65 වන සේනාංකයේ කාර්ය මණ්ඩලය සමඟින් සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටීමෙන් අනතුරුව, එම සේනාංකයේ භටපිරිස් ඇමතූ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූළස්ථානය වෙත ඔවුන් සිදුකළ අනුපමේය සේවාව අගය කළේය.

සිය සංචාරයේ නිමාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විශේෂ ආරාධිත අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සිය සමරු සටහනක් ද තැබුවේය. short url link | Women's Sneakers