Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2020 11:26:38 Hours

මෙතෙක් මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 116 දෙනෙක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 496 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හඳුනාගත් පුද්ගලයින් වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර එය 167 ක් ලෙසද, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 56 ක් සහ පුත්තලම ප්‍රදේශයෙන් ආසාදිතයින් 53 ක් ලෙස වාර්ථා වේ.

අද (30) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 19,942 ක් වේ. ඉන් පුද්ගලයින් 13,594 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (29) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 23,483 ක් වන අතර ඉන් පුද්ගලයින් 17,001 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (29) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,366 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (30) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 346 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (30) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 07 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් අකුරැස්ස, ගොතටුව, මරදාන, කොළඹ 02, හලාවත, කොළඹ 13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (30) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (30) දින උදෑසන 6E 9031 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට එක් පුද්ගලයෙක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 21 ක්, KE 9034 දරණ මගී ගුවන් යානය මගින් කොරියාවේ සිට පුද්ගලයින් 275 ක් සහ UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 53 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේම, අද (30) දින උදෑසන UL 186 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් 03 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (30) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 54 ක් තුළ පුද්ගලයින් 5,537 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (29) දිනය තුල PCR පරික්‍ෂණ 13,065 ක් සිදුකර ඇත. Buy Kicks | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD