Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th November 2020 08:23:37 Hours

පසුගිය පැය 24 තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් 487 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (29) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 487 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වන අතර වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්ථා වන්නේ, කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 223 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 78 ක් සහ මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයින් 15 ක් ලෙසය.

අද (29) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 19,447 ක් වේ. ඉන් පුද්ගලයින් 13,223 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (28) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 22,988 ක් වන අතර ඉන් පුද්ගලයින් 16,655 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (28) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 6,224 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (29) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 430 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (29) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 ක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 02 සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (29) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (29) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 69 ක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 45 ක්, UL 607 දරණ මගී ගුවන් යානය මගින් ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 04 ක්, 6E 9034 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 04 ක් සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 292 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (29) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53 ක් තුළ පුද්ගලයින් 5,279 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (28) දිනය තුල PCR පරික්‍ෂණ 11,936 ක් සිදුකර ඇත. Best jordan Sneakers | Sneaker & Lifestyle News