Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ වොලිබෝල් ක්‍රීඩාංගණය එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින විවෘත කරන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සේවය කරන සියලුම නිලයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සහ 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් උසස් ප්‍රමිතියකින් යුතුව මෙම වොලිබෝල් ක්‍රීඩාංගණය ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් අජිත් දිසානායක, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් දීපාල් හතුරුසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Running Sneakers Store | Nike Air Force 1 , Sneakers , Ietp STORE